ඉතාලියෙන් ඡන්දෙ ඉල්ලන සිංහල කෙල්ල

ශ‍්‍රී ලාංකේය ජනගහනයෙන් ලක්‍ෂ දෙකකට ආසන්න ජනතාවක් වර්තමානයේ ඉතාලිය තුළ ජීවත් වෙති. එක් එක් නගරවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් අතරින් පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ජීවත්වන්නේ අතිශයින් සුන්දර නගරයක් වූ FIRENZE මහ නගර සභා සීමාව තුළය. 2019.05.26 වැනි දින පැවැත්වීමට නියමිත යුරෝපීය සහ FIRENZE මහ නගර සභා ඡුන්දය සමග ඊට අදාළ එක් එක් කොට්ඨාසවල ඡුන්දය සඳහා මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒ ශ‍්‍රී ලාංකීක දිරිය දියණියකට ද නගර සභිකයකු ලෙස තරග කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමිනි. දැනට FIRENZE SCADICCL RUSELL NEW TOWN උසස් අධ්‍යාපන පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ අවසන් වර්ෂයේ ඉගෙනුම ලබන ඇය නමින් සිංහාරමුදලිගේ පවනි හංසිකා පෙරේරා ය.

19 හැවිරිදි පවනි හංසිකා FIRENZE මහ නගර සභාවේ කොට්ඨාස අංක 04 යටතේ මැයි මස 26 දින පවත්වන ඡන්දය සඳහා නාමයෝජනා ලබගන්නීය. ඇය මේ දක්වා ඉතාලිය තුළ පැවැති ඡුන්දයකදී ඉදිරිපත්වන ළාබාලම ශ‍්‍රී ලාංකික තරුණිය ලෙස ද වාර්තා පොතට එක්වන්නේ මුළු මහත් ශ‍්‍රී ලංකාවටම ආඩම්බරයක් එක් කරමිනි.

ශ‍්‍රී ලංකාවේදී උපත ලබන සිංහාරමුදලිගේ පවනි හංසිකා පෙරේරා වයස අවුරුදු දෙකේ සිට FIRENZE නගරයේ ජීවත් වෙමින් සමාධි සිංහල දහම් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවකි. ඉතා කුඩා වියෙහි සිට නායකත්වයේ ලක්‍ෂණ ප‍්‍රකට කළ ඇය, ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය ඉතාලිය තුළ ප‍්‍රකට කරන්නීය.

වර්ෂ 2003 ඉතාලිය තුළ විදේශිකයන් වෙනුවෙන් පැවැත්වූ ඡුන්දයේදී 52% ලබා FIRENZE නගර සභාවට තේරී පත් වූ සහ 2009 වර්ෂයේදී FIRENZE මහ නගර සභාවට ඉතාලි ජාතිකයන් සමග ස්වාධීන කණ්ඩායමකින් තරග කොට කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාලිය තුළ ස්ථාපිත C.G.I.L. ආයතනයේ FIRENZE ශාඛාව තුළ වර්තමානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙසත්, කම්කරු නීති උපදේශකයකු ලෙස කටයුතු කරමින් දශක දෙකකට වැඩි කලක් ශ‍්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව වෙනුවෙන් විශිෂ්ට සමාජ මෙහෙවරක් ඉටු කරන සිංහාරමුදලිගේ සමන් පෙරේරා මහතාගේ වැඩිමල් දියණිය වන්නේ පවනි හංසිකා ය.

italy2

කුඩා කල සිට තමන් හැදුණු වැඩුණු පරිසරය සිය අනාගතයට ජවයක් කර ගනිිමින් පියාගේ අඩිපාරේ යන ඇයගේ දේශපාලන ජීවිතයට අත්පොත තබන්නේ ද නායකත්වයේ ලක්‍ෂණ ප‍්‍රකට කරමිනි. දේශීයත්වය, අපේ අභිමානය සහ ඉතාලිය තුළ ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවට ගෞරවයක් එකතු කරන මේ දිරිය දියණිය බලාපොරොත්තු වන්නේ සිය දේශපාලන භූමිකාව ජය ගනිමින් ශ‍්‍රී ලංකාවේ නම යුරෝපයේ ඉහළ තැනකට ගෙන ඒමය.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *