November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

නිවැරදිව රන් තැඹිලි සිදින විදිය

රන්තැඹිලි සිටීමට වත පිළිවෙතක් ඇත. එය පටන් ගන්නේ රන්තැඹිලි ගෙඩිය කැඩීමට පටන් ගන්නා මොහොතේ සිටය. අපි එය පියවරින් පියවර ඉගෙන ගනිමු.

රන් තැඹිලි ගෙඩි කඩන්නේ කවදද..?පුර පක්ෂයේ බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක උදෑසන කාලයේදී කැඩිය යුතුය.

රන්තැඹිලි කඩන්නේ කොහොමද..?පිරිමි පුද්ගලයකුගේ අතින් දකුණු අතට කරකවා කැඩිය යුතුය. කඩන තැඹිලි ගෙඩිය බිමට නොදැමිය යුතුය. අතෙන් හෝ වෙන ක්‍රමයකින් පහළට බා ගත යුතුය.

රන් තැඹිලි ගෙඩිය අවශ්‍ය විදිහට සකසා ගන්නේ කොහොමද ..?කඩාගත් රන් තැඹිලි ගෙඩි ලෙලි ගහන භාවිතා කරන්න ඕනි ලීයෙන් හදාගත් උලක්. ඒ වගේම මුඩ්ඩ ඉවත් කිරීම තැඹිලි ගෙඩිය පැලීම ආදි සියල්ල කරනු ලබන්නේ ලී උපකරණ මෙවලම් උපකාරයෙන්.

රන් තැඹිලි කොහොමද කිරි මිරිකාගන්න ගන්නේ..? ටිකක් බැරෑරුම් කටයුත්තක්. බැරෑරුම් කියන්නේ දුෂ්කරයි. අමාරුයි. ලීයකින් බිදගත් රන් තැඹිලි ගෙඩියේ වතුර එහෙම බොනවා නෙවෙයි ඕන්. ඒ වගේම බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට බොන්න බැරිවෙන්න ඉවත් කරන්න ඕනි. ඕන් දැන් තැඹිලි පොල් ගාන වැඩේ තියෙන්නෙ. මේකට යොදාගන්න ඕනිත් ලීයෙන් දැති කපලා හදාගත් හිරමනයක්. කිතුල් ලීයක්, සේරු ලීයක් වගේ හයිය එකක් නම් හොදා. නැත්නම් ඉක්මනින් දැති ගෙවෙනවා. දැන් ඕන් රන් තැඹිලි පොල් ටික ලෝහ නොවන භාජනයකට ගාගන්න ඕනි. දැන් හොදට කිරි ටික මිරිකා ගන්න ඕනි.

(හොදටම කිරි ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නම්. පොල්ටික දාන්න පුලුවන් ප්‍රමානයේ නැවුම් ඇතිලියක් අරගෙන පොල් ටික ගානට වතුර දාලා අලුතින් ලිප් බැද ලිපේ තියන්න. කුරුදු සඳුන් වගේ සුවඳ දර දාලා තමා ලිප අවුලුවන්න ඕනි. ඕන් පොල්ටික තැම්බිගෙන එද්දි ලිපෙන් බාලා අලුත් රෙදිඩක් ගෙන හොදින් කිරිටික මිරිකා පෙරා ගන්න. )

රන් තැඹිලි තෙල කොහොමද හිඳ ගන්නේ..?දැන් මිරිකාගත් කිරි ටික නැවත ඇතිලියට දමා ලිපේ තබන්න. තබා හැදිගාන්න. කිරි හිදීගෙන එනවිට හැදිගාන එක නවත්වන්න. දැන් සම්පුර්ණයෙන් කිරිපාට බුබුලු දමන එක නතර වන තුරු මදගින්නේ තෙල හින්ඳවන්න. ඇතිලියේ අඩිය පේන තරම් තෙල පෑදෙන තුරු හින්ඳවාගෙන බා ගන්න. ඉක්මනින් ඇතිලියෙන් තෙල වෙනත් බදුනකට මාරු කරන්න. නැත්නම් ඇතිලියේ රස්නයට තෙල කරවේ. නිවුනු පසු වීදුරු බෝතලයකට දමා වැසීමට කිරල ඇඹයක් භාවිතා කරන්න.

ඕන් දැන් ඔබේ අතේ තිබෙන්නෙ වටිනා බලගතු රන්තැබිලි තෙලකි.

වැදගත් හා විශේෂ කරුණු

තෙල සිඳ අවසන් වන තුරු තෙරුවන් වැද උපෝසත සීලයේ පිහිටා කටයුතු කළ යුතුය.

රන් තැඹිලි කැඩීමේ සිට සිඳ අවසන් වනතුරු කාන්තා අතක් ඒ කටයුතු වලදී භාවිතා නොකල යුතුය.

තෙල හැදීගාන අවස්තාවේදී “සබ්බ පාපස්ස” ගාතාව කියමින් හිදින්නේ නම් එහි බලය වැඩිවේ.

තෙල් සිදීමේ කටයුත්ත අහවර වන තුරු කිසිම ආකාරයකින් යකඩ භාජන උපකරණ සම්බන්ධ නොකර ගත යුතුය.

තෙල් හිඳින විටදි ඒ ඒ කටයුතු කරන ස්තානවල උඩුවියන් බැඳ කහ දිය ඉසිය යුතුය.

තෙල හින්දවිය යුත්තේ පුර පක්ෂයේ කෙම්මුර දිනයන් වලය. කටයුත්ත අරුණ වැටීමත් සමඟ ආරම්භ කල යුතුය.

රන් තැඹිලි කඩන විට, තෙල් සිඳින විට, දින තුනක සිට මස් මාංශයෙන් වැලකී සිට පේ විය යුතුය.

රන් තැඹිලි හා රන් පොල් ලෙස දෙවර්ගයකි. රන් තැබිලි ගෙඩිය පිටත තැඹිලි පාටය. කැපූ පසු රෝස පාටය. රන් පොල් ගෙඩිය පිටත කොල පාටය. කැපු පසු රෝස පාටය. දෙවර්ගයම රන් තැඹිලි ලෙස නූතනයේ හදුන්වයි. දෙවර්ගයම රන් තැබිලි ලෙස භාවිතා කරයි. ඒ ඒ කාර්‍ය්යේදි යම් යම් ගුණයේ වෙනස් කම් ඇත.

අපගේ හෙළ සංකෘතිය රැකීම පිනිස විධිමත් අයුරින් දැනුම හුවමාරු කර ගනිමු.

ඔබට නිසි ආකාරයෙන් රන් තැඹිලි තෙල් සිඳීමට උපකාරයක් ලෙස හෙළ සංකෘතික දායාදය ලබදෙන්නේ සිංහල බෞද්ධයා..

තෙරුවන් සරණින් සියලු යහපත වේවා..!

Copyright © All rights reserved. | Newsphere by AF themes.