November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

පෝෂණ පිට්ටු හදාගන්න විදිය

1 min read

“මොකෝ නිකන් පිට්ටු ගිලලා වගේ”, “ඇයි කටේ පිට්ටුද?” අපි කතාවට එහෙම කිව්වත් පිට්ටුවක් දෙකක් හදාගෙන කනකොට පිඟාන හිස් වෙනකම් කට අහකට ගන්න හිතෙන්නෙම නෑ. අපි හැමදාම පිට්ටු කෑවේ සාමාන්‍ය විදිහට පොල්කිරි හෝ වෙනත් හොදි වර්ගයක් එක්කනේ. ඒත් අද මේ කියලා දෙන්න යන පිට්‍ටුව කන්න නම් ඔය මුකුත්ම ඕනි නෑ.

නිකන්ම කන්න පුළුවන්. මේක එච්චරටම රසයි. ඒවිතරක් නෙවෙයි මෙම පිට්‍ටුවට වෙනදා කන පිට්ටුවට වඩා පෝෂණ ගුණයකුත් එකතු වෙනවා. ඒක නිසා මේ පිට්ටුව නිකන්ම නිකන් පිට්ටුවක් නෙවෙයි. හරිම රසවත් ගුණවත් පෝෂණ පිට්ටුවක්. අපි කියන නිසා මේක හදාගෙන ළඟ තියාගෙන ගෙදර අයත් එක්ක රස විඳින්නකෝ. හැදුවට පස්සේ ඇවිත් හෙළ අරණට කමෙන්ට් එකක් දාන්න. ඒකෙ රසය කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-සාදාගන්නා ආකාරය :-ප්‍රථමයෙන්ම ගා ගත් පොල් ප්‍රමාණයට රසය අනුව ලුණු එකතු කර හාල්පිටි ටිකෙන් ටික එයට එකතු කරන්න. පිට්ටු ආකාරයට මිශ්‍රණය සකසා ගන්න. මෙයට සිහින්ව කපාගත් කැරට්, මුරුංගා, ගොටුකොළ, රතුළූණු ආදියද එකතු කොට හොඳින් මිශ්‍රකර පිට්ටු බම්බුවේ හෝ ස්ටීමරයේ තම්බා ගන්න.

  • හාල්පිටි 250g
  • රස අනුව ලුණු
  • පොල් බෑයක පොල්
  • සිහින්ව ලියාගත් කැරට් අල 01 ක්
  • රතුළුණු ගෙඩි 05 ක් (සිහින්ව ලියාගන්න)
  • මුරුංගා කොළ ටිකක් (සිහින්ව කපාගන්න)
  • ගොටුකොළ ටිකක් (සිහින්ව කපාගන්න)

ඔබට අවශ්‍ය නම් ගෝවා, ලීක්ස්, බීට් රූට්, බෝංචි වැනි වෙනත් එළවළු වර්ගද හීනියට කපා මෙයටම එකතුකරගත හැකියි. මෙම එළවළු සියල්ල පිට්ටු බම්බුවේදී, ස්ටීමරයේ දී හොඳින් තැම්බෙන නිසා කිසිම අගුණයක් නැහැ. මෙම පෝෂණීය පිට්ටුව රාත්‍රී ආහාරයට හෝ උදෑසන ආහාරයට ඉතාම සුදුසුයි.

මෙම පිට්‍ටුව අනෙක් පිට්ටු වලට වඩා රසයෙන් මෙන්ම ගුණයෙන් ද වැඩි නිසා අපේ ශරීරයට ඉන් ලැබෙන ශක්තිය වගේම ප්‍රතිශක්තිය ද හරිම ඉහලයි.

මුරුංගා කොළ වල විටමින් A, විටමින් C කැල්සියම්, පොස්පරස් හා යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ යහමින් අඩංගු වන නිසා පිළිකා, හදවත් රෝග සහ බෝ නොවන රෝග බොහෝමයකට ඔරොත්තු දීමේ හැකියාව ඉන් ලැබෙනවා.

කැරට් වල බීටා කැරොටීන් යහමින් අඩංගු වන නිසා ඔබව පැහැපත් කර, ශරීරයේ ඇතුලෙන් ද ඔබව පිරිසිදු කරනවා. පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරගන්නත් කැරට් හොඳ ඔසුවක්. මෙම කැරට් මඟින් මෙම පිට්‍ටුවට අමුතු ලස්සනක් සහ රසයක් ද එකතුකරන නිසා පොඩ්ඩන්ට වුනත් කවා ගන්න එච්චර අමාරු වෙන්නේ නෑ.

වැදගත්-අනිවාර්යයෙන්ම මුරුංගා කොළ එකතු කරගන්න. මෙම පිට්ටුවේ අමුතුම රසය එන්නේ මුරුංගා කොළ වලින්.

Copyright © All rights reserved. | Newsphere by AF themes.