විද්‍යාත්මකව තහවුරු වූ සත්‍ය අද්භූත සිදුවීම් පෙලක සුල මුල.

ඔබ නොපෙනෙන ලෝකය සහ අද්භූත වස්තූන් පිලිබදව යම් කැමැත්ත්ක් දක්වන එසේත් නැත්නම් ඒ පිලිබදව ගවේශනය කරන පුද්ගලයෙක් නම් ඔබට එඩ් සහ ලොරේන් වොරන් පිලිබදව අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන් දෙදෙනා ඇමරිකාවේ ජීවත් වූ අද්භූත සිද්දීන් පිලිබදව ඉතා ගැබුරු පර්‍යේශන සිදු කල කීර්තිමත් ඉතිහාසයක් සහිත යුවලකි.එඩ්වර්ඩ් තම ස්වකැමැත්තෙන්ම නොපෙනෙන ලෝකය පිලිබදව පර්‍යේශන සිදු කල අතර ඒ පිලිබදව ලොව උඩුයටිකුරු කල නීරීකශන සහ නිගමන ලබා දීමටද සම්ත් වූයේය.ඔහු දේශකයෙක් පර්‍යේශකයෙක් ලෙසද කටයුතු කල අතර ඔහු විසින් විසදන්නට යෙදුනු සමහරක් අද්භූත සිදුවීම් අදටත් බොහෝ දෙනාගේ විමතියට සහ සැකයට බදුන් වන කාරනා අතර ප්‍රමුඛ ස්තානයක් ගනී. නොපෙනෙන ලෝකය සහ අපට වචනයෙන් පැහැදිලි කල නොහැකි අද්භූත සිදුවීම් රාශියක් අතුරින් එඩ් සහ ලොරේන් විසදන්නට යෙදුනු සුවිශේශී පරීක්ශන පහක් පිලිබද සැකෙවින් ඔබ වෙත ගෙන ඒම මේ විඩීයෝවේ බලාපොරොත්තුවයි.

01.ඇනෙබල් බෝනික්කාගේ අභිරහස.

වොරන්ගේ ගුප්ත කෞතුකාගාරයෙන් හමු වන වඩාත්ම වටිනාම භාන්ඩය ලෙස මෙම ඇනෙබල් බෝනික්කා හැදින්වීමේ වරදක් නොමැත.මෙම අද්භූත බෝනික්කා වීදූරු කුටියක දමා ඇති අතර එම විදූරු කුටිය මත එය නොඅරින ලෙස දන්වා අවවාදයක් සදහන් කර ඇත.මෙම බෝනික්කා ගේ කතාව වසර 1970 දක්වා දිව යන පැරණී එකකි. තම දියණිය වූ ඩොනා වෙනුවෙන් උපන්දිනය සදහා මෙම බෝනික්කා මිලදී ගෙන තිබුනේ ඩොනා ගේ මව විසිනි.ඩොනා ට මෙම බෝනික්කිය ලැබුනු විගස ඇය බොහෝ සතුටට පත් වූ අතරම තම කාමරයේ විසූ ඇන්ජි සමග බෝනික්කා සමග සෙල්ලම් කිරීම ඇයගේ ප්‍රියතම විනෝදාංශය විය.කෙසේ වෙතත් දින කිහිපයක් යන විට බෝනික්කාගේ අමුතු හැසිරීමක් දරුවන් දෙදෙනාට දකින්නට ලැබී ඇත.දරුවන් දෙදෙනා බොනික්කා තබන ස්තානයේ නොව වෙනත් ස්තානයකින් එය හමුවීම නිවසේ සියලු දෙනා බියට පත් කරවන්නට සමත් විය.එපමනක් නොව දිනක් බෝනික්කා තම දෙපයින් සිටගෙන සිටින අයුරුද ඔවුන්ට දැක ගන්නට ලැබිනි.කෙසේවෙතත් පසුව කරනු ලැබූ විමර්ශන වල්දී හෙලි වූයේ එම නිවසේ කලින් ජීව්ත්ව මිය ගිය කුඩා දරුවාගේ ආත්මය සහ මෙම බෝනික්කා අතර සම්බන්දයක් ඇති බවයි.කෙසේ වෙතත් මේ නිස දරුවන්ගේ මව එම බෝනික්කාට නිවසේ සිටින්නට ඉඩ හැර තිබුනත් කල් යනවිට බෝනික්කා වියරු ස්වාභාවයක් ගත් නිසා ඔවුන් එඩ් සහ ලොරේන් ගේ සහාය ලබාගෙඅන ඇත. අවසානයේ මෙම බෝනික්කා පරීක්ශන සදහා යොදාගත් එඩ් සහ ලොරේන් මේ වන විටත් ඔවුන්ගේ කෞතුකාගරය තුල එය ප්‍රදර්ශනය සදහා තබා ඇත.

02.අදභූත නිවසේ කතාන්දරය.

ජැක් සහ ජැනට් ස්මර්ල් දෙදෙනා විවාහක යුවලක් වූ අතර ඔවුන් ජීවත් වූයේ පෙනියුසිලාවේ වෙස්ට් පිට්ස්ටන් ප්‍රදේශයේය.ඔවුන් ප්‍රකාශ කර සිටියේ තම නිවසේ යක්ශ බලවේග පවතින බවයි.විටින් විට විවිදාකාර ශබ්ද සහ විවිදාකාර ගන්දයන් නිසා ඔවුන් අපහසුතාවයට පත් වූ බව ඔවුන් වරින් වර ප්‍රකාශ කර ඇත,එපමනක් නොව ඔවුන් නිවසේ ඇති කල සුරතල් බල්ලා තාප්පයෙන් එලියට විසි වීමත් ඔවුන්ගේ දුව පඩි පෙලින් පහලට තල්ලු වීමත් යම් අද්භූත බලවේගයක් සිදුකරන ලද්දක් විය හැඛි බව ඔව්න්ගේ විස්වාසය විය.එඩ් සහ ලොරේන් මෙම සිද්දියට වසර 1986 වනතුරුම සම්බන්ද වීම ප්‍රතික්ශේප කර තිබිණි. නමුත් ඉන් පසුව එම සිද්දිය කෙරෙහි අවදානය යොමු කල ඔවුන්ට පරීක්ශන සිදු කරගෙන යනවිට එයින් ඉවත් වෙන ලෙස සදහන් කරමින් පනිවිඩයක්ද කන්නාඩියේ තිබී හමු වී ඇත.කෙසේ වෙතත් නිවස තුල අසාමාන්‍ය උශ්නත්ව වෙනසක්ද අනාවර්ණය කර ගැනීමට ඔවුන් සමත් වී ඇත.එම කාලය තුල මෙම පුවත සදහා ලැබුනේ අසාමාන්‍ය ජනප්‍රිය භාවයකි. ස්මර්ල් පවුලගේ ඇවෑමෙන් එය වෙනත් පවුලක් මිලදී ගත් නමුත් ඉන්පසුව ඔවුන්ට කිසිදු කරදරයක් සිදු නොවීමද බොහෝ දෙනාගේ කත බහට බදුන් වූ එක්ක විය.

03.පෙරන් පවුලේ අභිරහස.

පෙරන් පවුලේ අභිරහස ලෝකය පුරා ප්‍රසිද්ද වූ කන්ජර්නින් චිත්‍රපටය්ට පාදක වූ සත්‍ය කතාවස්තුවයි.1971 වසරේ ජනවාරි මාසයේ පෙරන් පවුල පැරණී ගොවිපලක පදිංචි වීමට තීරණය කර තිබුනා.කෙසේ වෙතත් ටික දිනක් යනවිට පවුලේ දූවරුන් වූ රොජර් සහ කැරොලින් නිරීක්ශනය කර ඇත්තේ නිවසේ ඇති භාන්ඩ නැතිවීම සහ විවිදාකාර ශබ්ද ඇසීම නිතර සිදු වූ බවයි.ඉන්පසුව සමහර ආත්මයන් නිවසේ සැරිසරන ආකාරය ඔවුන් දැක තිබෙනවා. ඔවුන්ගෙන් සමහරක් හානි රහිත වූවත් සමහරක් ආත්මයන් ආක්‍රමණශීලී වූ බව ඔවුන් පවසා තිබෙන්වා.මෙම පරීක්ශ්නය මෙහෙයවීම බාරගත් එඩ් සහ ලොරේන් නිවසේ ඉතිහාසය පරීක්ශා කර තිබෙන්වා ඒ අනුව එම් නිවසේ මීට පෙර පදිංචි වී සිට අනපේක්ශිත ලෙස මරණයට පත්වූ බොහෝ දෙනෙකුගේ විස්තර සොයා ගැණීමට ඔවුන් සමත් වී තිබෙනවා.එයින් එක් සුවිශේශි අයෙකු වූයේ අසල්වැසි කුඩා දරුවෙකුගේ මරණයට සම්බන්ද වූ කාන්තාවකගේ කතා පුවතයි. ඇය අලලා සිදු කල පරීස්ක්ශන වලින් බොහොමයක් තොරතුරු අනාවර්ණය කර ගැනීමට මෙම දෙපල සමත් වී තිබෙනවා.කෙසේ වෙතත් පෙරන් පවුලේ ආරතික දුශ්කරතා නිසා ඔවුන්ට එම ස්තානයෙන් අවසානය තෙක් මිදී යාමට හැකියාවක් නොතිබූ බව සදහන්

04.එන්ෆීල්ඩ් හි අවතාරය

ඔබ කන්ජර්නින් දෙවන ච්ත්‍රපටය නැරබුවේ නම් එම චිත්‍රපටයට පාදක වූ මේ සත්‍ය කතාව පිලිබදව ඔබ දන්නවා වෙන්නට පුලුවන්.1977 වර්ශයේ එංගලන්තයේ ජීවත් වූ හොඩ්ග්සන් පවුලට තමගේ නිවස තුල අමුතු සිද්දීන් අත් දකින්නට ලැබෙනවා.එයින් ඔවුන් දකින වඩාත්ම අනපේක්ශිත සිද්දිය වන්නේ තම දරුවන්ගේ නිදන කාමර වල සිට ඇදුමක් එහෙ මෙහෙ චලනය වන ආකාරයයි.එසේම සෙල්ලම් බඩු ඉහල වාතයේ සැරිසැරීම මෙන්ම නිවසේ ගෘහ භාන්ඩ එහෙ මෙහෙ චලනය වීම මාද්‍යවේදීන් එම නිවසේ සිටි මොහොතේත් සිදු වූ බව සදහන්.එඩ්වර්ඩ් වොරන් මෙම නිවසේ සිද්දිය පිලිබදව පර්‍යේශන බාර ගත් අතර ඉන්පසුව එහි සිදූ වූ සියල්ල මාද්‍ය වෙතින් වසන් කල බවද සදහන් වෙනවා.

05.ඇමිට්විල් හි අවතාරය.

ඇමිට්විල් යනු නිව්යෝර්ක් නගරයට සැතපුම් 30 ක් පමන ඈතින් පිහිටා ඇති අද්භූත සහ නොපෙනෙන ලෝකය සමග බැදුනු කතා රැසක් සහිත ස්තානයකි.1974 වසරේ දී 23 හැවිරිදි රොනල්ඩ් ජේ ඩෙෆියෝ ජූනියර් නැමැත්තෙක් තම පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිදාගෙන සිටියදී මරා දමා ඇත්තේ මෙම ස්තානයේදීයි.ඉන් මාස 13 කට පසු මෙම නිවස ලුට්ස් පවුල විසින් මිලදී ගත් අතර ඔවුන් පවසා සිටියේ තම පවුල අනාරක්ශිත බව ඔවුන්ට හැගෙන බවයි.ඔවුන් පවුලේ එකිනෙකා සමග රණ්ඩු වීමට පටන් ගත් බවත් එක්වරම නිවසේ රන්ඩු සරුවල් ඇති වූ බ්වත් ඔවුන් පවසා තිබෙනවා.ඔව්න්ගේ දුව ජෝඩි නිතරම නොපෙනෙන කෙනෙකු සමග කතා බස් කිරීමට හුරු වූ බවත් නිවසේ සමහර ස්තාන වල කලු පැල්ලම් දකින්නට ලැබුනු බවත් ඔවුන් පවසා තිබෙනවා.එසේම ලුට්ස් පව්ලේ පියාට සෑම දිනයකම උදෑසන 3.15 ට අවදි වන බවත් ඒ රොනල්ඩ් තම පවුලෙ පිරිස මරා දැමූ වේලාව බවත් පොලීසිය හෙලි කර තිබෙනවා.අවසානයේ මෙම පිරීස නිවස අතහැර ගොස් ඇති අතර් විමර්ශන සදහා එඩ්වර්ඩ් කැදවා තිබෙනවා. එහිදී ඔහුටද අනපේක්ශිත සිදුවීම් රැසකට මුහුන දීමට සිදූ වූ බව සදහන්.

එඩ් සහ ලොරේන් වොරන් සිදු කල සුප්‍රසිද්ද විමර්ශන ලෙස ඉහත සිද්දීන් පහ හැදින්වූවත් ඔවුන් තම ජීවිත කාලය පුරාම විසදන ලද අද්භූත සිදුවීම් ගනන දහස ඉක්මවන බව සදහන් වේ.

Author: admin