ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන උතුම් උදුවප්පුර පසළොස්වක පොහොය අදයි

උතුම් උඳුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

වසරේ අවසන් පොහොය දිනය වන මෙම පොහෝ දිනය තුල ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇතිබව ඉතිහාසයේ දැක්වෙනවා.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනකයි.

මෙරට මෙහෙණිසස්න ආරම්භවිම ද උදුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අද(22) සිට ආරම්භ වනවා.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වනවා.

Author: admin