December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

සුදනෝ රකින ගම්භාර දෙවි­යන්

සූනි­යම් දෙවියෝ වශ­යෙන් ප්‍රසිද්ධ ගම්භාර දේව­තා­වුන් වහන්සේ කොත­රම් බල­වත් ද යන්න මැණි­ක්පාල බිසවු හට රුද්‍ර මරුවා කළ විනය කැපූ බව කියැ­වෙන ආකා­ර­යෙන් හඳු­නා­ගත හැක.මැණි­ක්පාල බිස­වට කර තිබුණේ යැයි කියන විනය කප­න්නට පැමිණි සෘෂි­වරු වින­යට අධි­පති නරු පොළඟා දැක සිහි මුර්ජා වූහ. සිහි එළ­වා­ගත් ඔවුන් ප්‍රකාශ කළේ මෙය කප­න්නට හැකි එකම තැනැත්තා ගම්භාර සුරි­ඳුන් විත­රක්ම බවයි.

සක් දෙවිඳු අණින් ගම්භාර සුරි­ඳුන් ඒ නරු පොළඟා දෙපලු කර විනය කපා බිසව සුව­පත් කළ­හයි පැවසේ. ගම්භාර සුරි­ඳුන් නොමැ­තිව යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කිසි­වක් කළ නොහැකි බව අපේ දැනී­මයි.
ගම්භාර මුත්තා, අප්පච්චි, කබ­ලෑ­මුත්තා, කබලෑ දෙවියෝ ආදී විවිධ නම් වලින් ගම්භාර දෙවි­යන් ආම­න්ත්‍ර­ණය කරති. නාග ඔඩ්සිය, අසුර ඔඩ්සිය, ගරුඩ ඔඩ්සිය, දෙමළ ඔඩ්සිය, කාල ඔඩ්සිය, වඩිග ඔඩ්සිය,රාජ ඔඩ්සිය ලෙස අව­තාර ද හත­ක්ඇති බවට විශ්වාස කෙරේ. ඉන්දි­යාවේ ඔඩ්ඩි, ඔඩ්ඩි යකා, ඔඩ්ඩි මස්සිනා, ඔඩ්ඩි යාරේ, මාගේ මස්සිනා ලෙස හඳු­න්වති.

මෙතු­මාගේ ස්වරූ­පය තර­මක් බිය­කරු ය. කන්න­ලව්වේ සඳ­හන් පරිදි හිස හැඩ­පලු 13ක් ‍ගෙතී ඇත. ගෙල වට නාග මාල­යකි. එක උර­හි­සෙක කර­ව­ලුන් හතර දෙනෙකු බැගින් දෙවුරේ අටකි. මුඛයේ සර්ප­යෙකු සපා­ගෙන සිටී. බඳ වටා නාග­යින් පැළඳ ඇත.පාමුල නාග­යෙකි. නීල වර්ණ ශරී­ර­යකි. දිවි­සළු ඇඳ සිටිති. දකු­ණත වඩිග කඩු­වක්ද, වමත ගිනි කබ­ලක්ද වේ. වාහ­නය සුදු තුර­ඟෙකි.

මෙතු­මාට යමෙකු පහන් දැල්වී­මෙන් ලබා­ගත හැකි ඵල ප්‍රයෝ­ජන මෙසේ ය. තම භූමිය තුළ ඇති යක්ෂ, ප්‍රේත දෝෂ පලා යති. කොඩි වින,අංගම් පිල්ලි වලින් ආරක්ෂා වේ. සොර සතුරු බිය නැති වේ. ගෙදර සාමය ඇති කරයි. සමා­ජයේ ගෞර­ව­යට පාත්‍ර වේ. තමා කිසි­වෙ­කුට රැව­ටී­මට නොහැකි වේ. ව්‍යාපාර දියුණු වේ. සියලු සතුරු කර­දර වලින් ආරක්ෂා වේ. තමාට අවශ්‍ය කට­යුතු අවශ්‍ය වේලා­වට ඉටු කර දේ. මෙතුමා අද­හන කිසි­වෙක් හිරේ විලං­ගුවේ නොවැටේ. ලැජ්ජා­වට පත් නොවේ. දින දින බැබලේ.

ගම්භාර දෙවි­යන්ට පහන් තිය­න්නට රාත්‍රී 9.05 පොදුවේ සුදුසු ය. තමන් පිරි­සි­දුව පහන් දල්වා­ලිය යුතු ය. මළ ගෙව­ල්වල ගොස් කිළි­කු­ණු­ව­ලට හසුවී පහන් දැල්වීම නොකළ යුතු ය. නොක­ඩවා නිය­මිත දින­වල පහන් දැල්වීම කළ යුතු ය. ළමා, ළප­ටින්, කාන්තා­වන් පහන් පැළට ලංවීම නුසු­දුසු ය. කිසි­විට ගම්භාර දෙවි­යන්ට තබා කිසිදු දෙවි­යෙකු පහන් තැබී­මේදී යමෙකු මැරී­මට, අත පය බිඳී­මට නොකිව යුතු ය. මන්ද එතු­ම­න්ලාට අවශ්‍ය කුසල් මිස අකු­සල් නොවන නිසා ය. නමුත් යම් අසා­ධා­ර­ණ­යක් වූ විට ඊට සාධා­ර­ණය ඉල්ලා සිටීම වර­දක් නොවේ.‍

ගම්භාර දෙවි­යන් නම්බුව ආරක්ෂා කරන දෙවි­යෙකි. එය දේව කන්න­ලව්වේ මෙසේ සඳ­හන් වේ. හැඩ­කාර, බල­කාර, නම්බු­කාර, පට්ටි­භාර, මුදල් භාර, තෙද­කාර, ගම්භාර සිද්ධ සූනි­යම් අප්පොච්චි ලෙස ය. එතුමා මන්ත්‍ර­වල අවශ්‍ය පංචා­ක්ෂ­ර­යට අධි­ප­තියා බව මෙම කවි­යෙන් ඔප්පු වේ.
‘තෙද­හස්ති පාලය – යම­දේ­වතා ඔබ­මය
පස­තුරු හිමි ඔබ­මය – එමෙන් යම­පිම්ම ඔබ­මය’ ( මෙහි පස­තුරු යනු පංචා­ක්ෂ­ර­යයි)
යමෙකු පිරි­සිදු පහන් පැලක් සාදා කහ දියර ඉස දේව­තා­වන් වහ­න්සේට පහන් දල්වා පහත ස්ත්‍රෝත්‍ර කීමෙන් බලා සිටි­ය­දීම දියු­ණුව ලබා­ගත හැක. පහන් දැල්වී­මට පස්තෙල් සුදු­සුය. සමන් පිච්ච මල්, විලඳ ,මී පැණි භාවිතා කෙරේ. පහන් දල්වා ගුගුල්,දේව­දාර,ජටා මාංශ, සල් දුම්මල, සැවැ­න්දරා, සම­න්පිච්ච යන සියල්ල කුඩු කර ගත් සුවඳ දුම් ඇල්ලීම සුදුසු ය.

ස්ත්‍රෝතය ,
“ශ්‍රී මස්තු නමෝ රාමඃ – කන්ද සේනා සමා­ගමඃ
වඩිග තන්ත්‍ර මනී කන්ඨඃ – ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නිඃ කන්දන්ච හස්තෙන – හස්තේන වඩිග කර්තකේ
මුඛෙන විෂ සර්පේන – ශීර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමි – නිලොත් තුරඟ වාහනා
සූනි­යම් දේවතා නාම – මහියං පාදකේ නමෝ නමඃ “
මෙය තුන්ව­රක් කියන්න.
ආරා­ධ­නය

“ඕං ගුරු­වාල පාතාල බහි­රවි කොණ්ඩෙන් බ්‍රහ්මා ලංකා නාරා­යන කදි­ර­වේල් කොණ්ඩෙන්, ආතාල බහි­රවී ශිව කොණ්ඩෙන්, පාතාල බහි­රවී ඉරි­නාග කොණ්ඩෙන්, ගුරු­මාන් ගුරු නාග වාරුං එන්සෙ­යි­යදු බිසි­බිල්ලා උඩ­යාරුං, අප්පා නල්ල තම්බි­රානෙ සාවාල කොණ්ඩෙන් වාලියා අනින් ඔඩ්ඩි දේව­තාවා, දේව­තාවී. අම්මා වාවා තුක්කු තම්බි රානේ ඔඩ්ඩියා වාවා.

අදත් මා නොඉ­ඳුල් රාත්‍රී පහන් මාලාව කෙරෙහි දිෂ්ටි වැටී මාගේ මස්සිනේ ජීවිත රක්සන්තු රක්සන්තු කුරු කුරු එස්වාඃ”
කන්න­ලව්ව

‘මතු බුදු වන්න පෙරුම් පුරන ගම්භාර දේව­තා­වුන් වහන්සේ ඔබ වහ­න්සේගේ දාසයා වන්නා වූ මා මේ කන්න­ල­ව්කර ඉල්ලා සිටින්නේ ඔබ වහ­න්හ­න්සේට ගමක් පාසා යාතිකා කර­මින් ඔබ වහ­න්සේගේ අනු­හ­සට පුද පූජා කර­මින් ඉල්ලා සිටින්නේ අටෝර රාශි­යක් දෝෂා අන්ධ­කා­ර‍යන් දුරින් දුරු කර හිතට ගතට සැපය සතුට ලබාදී අනු­ක­ම්පා­වෙන් පිනට පිහි­ට­වන සේක්වා. හැඩ­කාර බල­කාර, නම්බු­කාර, මුදල් භාර , පට්ටි­භාර, ගම්භාර සිද්ධ සූනි­යම් දේවතා වහන්ස මේ සිරි­ලක සිවු දෙස පැතිර ගිය රෝ බිය, යසස් බිය, විපස් බිය, යක්ෂ බිය, දෝෂ බිය, අපස් බිය යන මෙකී දෝෂ­යන් දුරින් දුරු කර හරින ලෙසින් අද කියන්නේ සුපි­න්වත් ස්වාමීනී, පින්ගන්න කමා­වුනි ගම්භාර දෙවි­යන්ට අත නොදෙන පය නොදෙන සිද්ධ වූ වැරැ­ද්දට කමා වේවා! කමා වේවා! කමා වේවා! පස්වාන් දහ­සක් කල් රකිත්වා.’ මේ ආකා­ර­යට කන්න­ල­ව්කර ඔබේ ඉල්ලීම ඉදි­රි­පත් කර මෙම සෙත් කවිය කියා පින් දෙන්න.

‘දිලෙන අමුතු රුවක් මව­මින් මිනිස් හද­වත කිති කවා ලැබෙන අව­සර අනුව කරන කට­යුතු තද තෙද පතු­රුවා සැලෙන මගේ දිවි මඟේ හැම‍ දොස බාධක බිඳ­ලවා. දියුණ දෙවුනා දෙව­මැන. සැම සුභා­සිරි සෙත උතු­රවා.’
‘කඩුව, හෙල්ලය, පළිහ, තෝමර, දුන්න, ඊතල අභි­බවා. කඩුව කුඩු කර සියලු බාධක අසී­මිත බල පතු­රුවා. නඩුව අව­න­ඩුව වහම විස­ඳන දුකේදී මෙත උතු­රවා. රළුව සිටි­යත් ගුණැති දෙවි­ඳුනි මා හට සිරි­සෙත ලැබ දෙවා.’

පින්දීමේ ගාථාව
“ප්‍රබල කක විරාජෝ නාග හංසෝච නීලෝ – ධවල වරන්නා චිත්තා භාසුරෝ අස්ස යානෝ
සිරස මණී කිරිටෝ ධ්‍යාන ලාබෝ සුසිලෝ – ඔඩ්ඩි වඩිග නාථෝ කථං මේ පුඤ්ඤානි ලාභෝ හෝ
සිද්ධ ඉරන් සළු අභ­රණ පළ­ඳින්න – සිද්ධ එපන් හිඳ සුර­තට ගන්න
සිද්ධ ගමන් සුදු තුර­ඟකු පිට යන්න – සිද්ධ සූනි­යම් දෙවි මේ පින ලැබ ගන්න.”

Copyright © All rights reserved. | Newsphere by AF themes.