December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

හෙළ කතුන් හැඩකළ සූසැට ආභරණ

ආභරණ පැළඳීම අතින් එදා හෙළ ලඳුන් ලෝකෙයේ අන් කවර ස්ත්‍රීන්ට වුව ද දෙවැනි වී නැත. සූසැට ආභරණයෙන් හැඩ වූ හෙළ කතුන් කනට තෝඩු ඉනට හවඩි, පයට නූපුරු බන්දි වළලු මිණිමෙවුල ගෙලට මාල, හත්පොට මාල වැනි අපූරු මෙවලම් කට්‌ටල පැළැඳි බව පොතපොතේ සඳහන්වේ. රොබට්‌ නොක්‌ස්‌ ද එදා හෙළ දිව ග්‍රන්ථයේ අපේ රටේ කතුන් පැළඳි ආභරණ පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත්තේය.

” අතෙහි රිදී වළලු දමා පය පාද මුදු හා අතැඟිලි වල රිදී මුදු දමති. ගෙලේ පබළු මාලයක්‌ හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්රන් පෙවූ රිදී පළඳිති. දෙකනෙහි කන් විද කැටයමින් සුන්දර වූ රන් පෙවූ ගල්බැඳි කුණ්‌ඩලාභරණ වෙති.”

මේ අන්දමට හෙළ කුල කත එදා පැළඳි ආභරණ වර්තමානයේ නවීකරණය වී යළිත් අපේ කතුන් වෙත පැමිණ තිබේ. කෙසේ වුවද එදා හෙළ කතුන් පැළඳි ආභරණවලින් අරික්‌කාලක්‌වත් වර්තමානයේ අපේ කතුන් පළඳින්නේ නැති බවනම් ඉඳුරාම පැහැදිළිය.

සූසැට ආභරණ

  • 01. රන්පට
  • 02. රුවන් තෝඩු
  • 03. නාගවඩම
  • 04. කාදුකාප්පු
  • 05. මුතුපට
  • 06. කච්චොඩම්
  • 07. බාහු අණ්ඩ
  • 08. මිණිකයිවඩම්
  • 09. ගිගිරි වළලු
  • 10. තුන්කොන් මාල
  • 11. සිව්කොන් මාල
  • 12. හස්තපෝට්ටු
  • 13. මේඛලාදාම
  • 14. පස්‍ රූ
  • 15. පස් පෙරහර
  • 16. සත්රුවන් වැල
  • 17. රන් හවඩි
  • 18. රිදී හවඩි
  • 19. මුතු හවඩි
  • 20. කිංකිණි ජාලා
  • 21. සත්රුවන් හවඩි
  • 22. නිලිමිණි හවඩි
  • 23. රන්මිණි හවඩි
  • 24. හස්තාංගුලි
  • 25. හස්ත මුද්‍රිකා
  • 26. කෛපෝට්ටු
  • 27. අංගදාභරණ
  • 28. ඒකාවැල
  • 29. කර්ණාවතංස
  • 30. ග්‍රීවාභරණ
  • 31. පදක්කම්
  • 32. කර්ණසුත්‍ර
  • 33. මිණිබන්ධි
  • 34. කෙයුරාභරණ
  • 35. ඌරුජාල
  • 36. ඉනහැඩ
  • 37. උදර බන්ධන
  • 38. මකර පට
  • 39. නළල් පට
  • 40. පාද ශංඛලා
  • 41. පාදාභරණ
  • 42. පාද ජාලා
  • 43. පාදාංගුලි
  • 44. පාදජංඝා වළලු
  • 45. ගල්මුතු මාල
  • 46. රන්මිණි මාල
  • 47. ගෙලමුතු මාල
  • 48. මිණිමුතු මාල
  • 49. දර්ශන මාල
  • 50. නිල්මිණි මාල
  • 51. රන්මුතු මාල
  • 52. ලියරන් මාල
  • 53. රුවන් මාල
  • 54. වටරන් මාල
  • 55. පත්‍රවළලු
  • 56. සක්දම්
  • 57. මුතුදම්
  • 58. රන්දම්
  • 59. රිදී දම්
  • 60. මිණිදම්
  • 61. මුතුහර
  • 62. අවුල්හර
  • 63. අලකාපට
  • 64. ඔටුන්න
Copyright © All rights reserved. | Newsphere by AF themes.